හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක සමුගනී

0
361

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ”දෙසතිය ‘ පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන සංස්කාරක ප්‍රවීන,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

වසන්ත ප්‍රිය රාමනයක මහතා ”පෙරමඟ ” සඟරාවේ සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර ”දෙසතිය” සඟරාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළේ ය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයකු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ වසන්ත ප්‍රිය රාමනායක මහතා, දේශපලන හා ආර්ථික විචාර  ලිපි පුවත්පත් රැසකට සම්පාදනය කළ ප්‍රවීනයෙක් විය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස ද එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපතිධූරයේ ද වසන්ත ප්‍රිය රාමනයක මහතා කටයුතු කර ඇත.

කලක් රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිටි වසන්ත ප්‍රිය රාමනායක මහතා දෙදරු පියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here