Saturday, November 16, 2024

තේ පොහොර තහනමත් රිවස් ?

තේ වගාව සඳහා රසායනික‍ පොහොර භාවිතා කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ තේ පොහොර සඳහා අවසර ලබාදීමට පෙර ඒ පිළිබඳව කමිටුවක් පත්කර අධ්‍යයනයක් සිදු කරන ලෙසයි.

කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යයන කමිටුවක් පත් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දී තිබෙන්නේද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ඉහත කරුණු සඳහන් කළේය.

පසුගිය දිනවලදී තේ වගාකරුවන් දිගින් දිගටම පෙන්වා දුන්නේ සෙසු වගාවන් කාබනික පොහොර යොදා සිදුකළ හැකි නමුත් තේ වගාව සඳහා රසායනික පොහොර අත්‍යවශ්‍ය බවයි. මේ බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා ප්‍රකාශ කර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles