ඇමරිකාවේ නිව් ‍ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙරටට පැමිණෙන්නේ විදුලිබල ක්ෂේත්‍රයට අදාල තවත් ගිවිසුමකට

0
304

ඇමරිකාවේ නිව් ‍ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මෙරටට පැමිණෙන්නේ විදුලිබල ක්ෂේත්‍රයට අදාල තවත් ගිවිසුමකට එළඹීමට බව විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ කෙරවලපිටිය බලාගාරයට අදාලව අත්සන් කර ඇති ගිවිසුමේ තවත් දිගුවක් ලෙස නව ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වන බවයි.

රටේ ජනතාවට හොරෙන් මහ රෑ එක් ගිවිසුමක් අත්සන් කළ පරිදිම නව ගිවිසුමද අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත්, එසේ වුවහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බවත්, එම සන්ධානයේ නියෝජිත රන්ජන් ජයලාල් මහතා පවසනවා.

ගිවිසුම අත්සන් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කළයුතු බවද වෘත්තීය සමිති අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here