“කරන්න බැරි නම් දීල යන්න’’ ජනාධිපතිට කාන්තාවන්ගෙන් විරෝධය

0
325

ගෑස්, කිරිපිටි හා සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් කොටුව ගුණසිංහ පිළිරුව අසල කිරි බත් දන්සලක් සංවිධානය කර තිබුණි.

සමගි ජන බලවේගයේ ස්වයං රැකියා කාන්තාවන්ගේ සංගමය මගිනුයි එම විරෝධය සංවිධානය කර තිබුණේ.  

තවදුරටත් වැඩි වන ජීවන වියදම දරාගත නොහැකි බවත් මේ හේතුවෙන් පවුල් තුළ විශාල අර්බුද ගොඩනැගී ඇති බවත් මෙම කාන්තාවන් පෙන්වා දුන්හ.

නිවැරදිව රටක් පාලනය කිරීමට නොහැකි නම් කරුණාකර නැවත රට භාර දී යන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාට අවධාරණය කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here