පේ‍්‍රමසිරි – සෝමසිරි නිවුන් සොහොයුරෝ ඒඑස්පී තනතුරු ලබති

0
286

ශ‍්‍රී ලංකා පොලීසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස සේවය කළ නිවුන් සහෝදරයන් දෙදෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලැබී ඇත.

මොණරාගල ‍හුලංදාව ප‍්‍රදේශයේ පදිංචි මොණරාගල මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ ‍පේ‍්‍රමසිරි පෙරේරා මහතාට සහ දෙමටගොඩ පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සෝමසිරි පෙරේරා මහතාට මෙලෙස සහකාර පොලිස් අධිකාරී තනතුරු ලැබී ඇත. සෝමසිරි පෙරේරා මහතා 1988 වර්ෂයේදීද පේ‍්‍රමසිරි පෙරේරා මහතා 1990 වර්ෂයේදීද උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස සේවයට බැඳී ඇති අතර ඔවුන් දෙදෙනාම යුද සමයේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල දීර්ඝ කාලයක් සේවය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here