ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

0
294

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ඇතුළු දූත පිරිසක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා (ඔක්තෝබර් 13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමු වූහ.

මෙම හමුව අතරතුරදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ හමුදා පුහුණු පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සහ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි අතර සුහද සාකච්ඡාවක් පැවැත්විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම හමුව සනිටුහන් කිරීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයා සහ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

සුහද සංචාරයක් සඳහා ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි පස්දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් සමඟ  (ඔක්තෝබර් 12) දින පස්වරුවේ දිවයිනට ලඟා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here