අටමස්ථාන පූජා නගරය දුම්වැටිවලින් තොර වෙයි

0
455

අනුරාධපුර අටමස්ථාන පූජා නගරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුම්වැටිවලින් තොර 11 වන කලාපය සේ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිවරුන්ගේ මඟපෙන්වීම පරිදි ඊයේ (13) පත්කෙරිණ.

අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ බෝනොවන රෝග ඒකකයේ හා අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරින් එක්ව වැඩසටහන ක්‍රියාවට නැන්වූහ.

රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනාව පරිදි වැඩ සටහනට එක්වූ නිලධාරිහු සෑරඳුන් ඉදිරිපිට ආගමික වතාවත් වල නිරතවී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පූජා භූමිය දුම්වැටිවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ කටයුත්ත ආරම්භ කළහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය පූජා භූමිය තන්තිරිමලය පූජා භූමිය, නොච්චියාගම, ගලෙන්බිදුණුවැව, තඹුත්තේගම, කැකිරාව, පදවිය, සාලියපුර, ඉහළගම, මැදවච්චිය යන නගරවලට අමතරව 11වන දුම්වැටිවලින් තොර කලාපය ලෙස අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය නම් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here