Sunday, November 17, 2024

බස් හිමියන්ට ලක්ෂයක සහන පැකේජයක්

පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන පැකේජය ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එක් බස්රථ හිමියකු සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් වටිනාකමකින් යුත් සහන පැකේජයන් ලබාදීමට නියමිත බව ප්‍රවාහන ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

එම වැඩපිළිවෙල යටතේ බස්රථ කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික ආයතන 06ක් එම සහන පැකේජය ලබාදීමට දායකත්වය ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම පැකේජ යටතේ යළි ප්‍රවාහන සේවාවට යොදවන බස්රථ සඳහා අවශ්‍ය ටයර්, බැටරි, ලිහිසි තෙල් හා අමතර කොටස් සඳහා දැනට වෙළෙඳපොලේ ලබාදෙන වට්ටම් වලට අමතරව විශේෂ වට්ටම් ලබාදීමට එම පෞද්ගලික ආයතන ජාතික ප්‍රවාහන සේවා කොමිෂන් සහාවට එකඟතාවය ද පළකර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles