රජයට ඇති ජනතා අප්‍රසාදය සීඝ්‍රයෙන් ඉහළට

0
287

දිනෙන් දින පවතින රජයට ඇති ජනතා අප්‍රසාදය ඉහළ යමින් පවතින බව රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට දන්වා ඇති බව වාර්තා වේ. මෑත කාලීනව රජය විසින් ගනු ලැබූ දේශපාලන තීරණ, බඩු මිල ඉහළ යාම සහ කොවිඩ් මර්ධනයට ගත් පියවර ප්‍රමාදය මෙසේ ජන අප්‍රසාදය ඉහළ යාමට හේතු වී ඇති බව බුද්ධි අංශ අණාවරණය කරගෙන ඇති බවද වාර්තා වේ.

එමෙන්ම රජයේ ඇතැම් අඩුපාඩු සමාජ මාධ්‍ය මගින් උළුප්පා දැක්වීමද තාරුණ්‍යයේ අප්‍රසාදය හිමි වීමට හේතු වී ඇති බව රාජ්‍ය බුද්ධි අංශ අණාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ජන ප්‍රසාදය යළි ඉහළ නංවා ගැනීමට ඉදිරියේදී කටයුතු කල යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරින්ට සහ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here