චීන පොහොර නැව යලිත් ලංකාවට හරවලා? ප‍්‍රතික්ෂේප වූ පොහොර ගොඩබාන්න සූදානම්?

0
314

හානිකර බැක්ටීරියා වර්ග ඇතැයි හෙළිවීමෙන් ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගය සහිත නැව නැවතත් සිංගප්පූරුවේ සිට මෙරට බලා පැමිණෙමින් ඇතැයි සමගි ජනබලවේගය සඳහන් කරයි. එම පොහොර තොගය මෙරටට ඇතුළුවීමට වැලැක්වීමට රජය ගන්නා පියවර කුමක්දැයි එම පක්‍ෂ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පී හැරිසන් විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා විසින් එම පොහොරෙ සාම්පල ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය දැඩි බලපෑම් කළ නමුත් ඒවා විෂ සහිත යයි කීමට ආණ්ඩුවේ බලධාරීන්ට ශක්තියක් නොතිබූ බවද ඔහු පැවසීය.

මේ අතර හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්ද සඳහන් කරන්නේ ප‍්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගය රැගත් නැව ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවයි. තව දින කීපයකින් එම නැව ලංකාවට ගොඩබෑමට සූදානමක් ඇතැයි ද ඔහු කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here