චීනෙන් පළාගිය ජැක් මා හොංකොං නුවරින් මතුවෙයි

0
315

අලිබාබා සමූහය නිර්මාතෘ ජැක් මා මේ දිනවල හොංකොං නුවරට පැමිණ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.පසුගිය වසරේදී ඔහු චීන බලධාරීන් සමග ඇති කරගත් මතභේදයත් සමග යම් කාලයක් වසන් වී සිටි අතර, ප්‍රසිද්ධ මාධ්‍ය හමුවට පැමිණියේ ඉතාමත් කලාතුරකිනි.

වාර්තාවලට අනුව හොංකොං නුවරට පැමිණ සිටින චීන බිලියනපති ජැක් මා එහිදී සිය ව්‍යාපාරික හවුල්කරුවන් හමුවීමේ නිරතව සිටින බව සඳහන් වෙයි. අලිබාබා සමූහයට  මගින් පසුගිය වසරේදී නිකුත් කිරීමට සැලසුම් කළ දැවැන්ත මූලික මහජන කොටස් නිකුතුව අවලංගු කරමින් එරට නියාමන බලධාර ගත් පියවරට එරෙහිව ඔක්තෝබර් මාසයේදී ඔහු චීනයේ මූල්‍ය නියාමකයන් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කරමින් අදහස් දක්වා තිබුණි.

කෙසේ වෙතත් අනතුරුව ඔහු සියලුම ප්‍රසිද්ධ අවස්ථාවලින් ඉවත්ව සිටියේය. එහිදී ඇතැම් විට ඔහු චීන බලධාරීන්ගෙන් සැගවී සිටීමට උත්සාහ කරන බවටද අදහසක් පැවතුණි.ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ඔහු හොංකොං රාජ්‍යය වෙත පැමිණි පළමු වැනි අවස්ථාව ලෙසටත් මෙය සැලකිය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here