Sunday, November 17, 2024

සීනි ගැසට්ටුවේ කාල සීමාව ඊයෙන් අවසන් – රට පුරා සීනි හිගයක් ?

රුපියල් 50 ක් ලෙස පැවති සීනි ආනයන බද්ද සත 25 ක් දක්වා අඩුකරමින් නිකුත් කළ ගැසට් පත්‍රය බලපැවැත්වෙන කාල සීමාව ඊයේ (14) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් විය. මෙම ගැසට් පත්‍රය බලපැවැත්වෙන කාල සීමාව අවස්ථා කිහිපයකදී දීර්ඝ කෙරිණි.

කෙසේ නමුත් එය තවදුරටත් දීර්ඝ කරන බවට මේ දක්වා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නොමැත.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසන්නේ ගැසට් පත්‍රය බලපැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම හෝ ගැසට් පත්‍රය අහෝසි කිරීම අද මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

මෙම තත්වය හේතුවෙන් මේ වනවිට වෙළඳපොලේ දැඩි සීනි හිගයක් මතුව තිබෙනවා. බදු සංශෝධනයක් සිදුවීමට ඉඩ තිබෙන හෙයින් සීනි ආනයනකරුවන් සීනි තොග වෙළඳපොලට මුදාහැරීම දැඩි ලෙස සීමා කර තිබෙනවා.

මේ වනවිට සීනි සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වන නමුත් පාරිභෝගිකයන් පවසන්නේ රජයේ පාලන මිලට මිලදී ගැනීම සඳහා සීනි නොමැති බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන සිල්ලර වෙළෙන්දන් පවසන්නේ රජය විසින් නියම කර ඇති තොග මිලට සීනි මිලදී ගැනීමට නොහැකි බවයි. වැඩි මිලට සීනි තොග මිලදී ගෙන අඩු මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට නොහැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ වනවිට සීන‍ි තොග මිල රුපියල් 130 ඉක්මවා ගොස් ඇති අතර සිල්ලර මිල රුපියල් 140 ඉක්මවා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles