කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක්

0
459

කළු ගල්, වැලි,පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සංවර්ධන ප්‍රමුඛතාවයන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැකියා සහ පාරම්පරික වෘත්තීන්හි නියැලෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරුණා.

භූ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සඳහා පැවති ක්‍රියාවලිය තුළ මහජනතාව, පෞද්ගලික ආයතන මෙන්ම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ද මුහුණ දුන් අසීරුතා මඟහරවා පරිසරය සුරකින පරිදි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම එම බලකායේ වගකීමයි.

එම ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ නව ක්‍රමවේද පිළිබඳ උපදෙස් අඩංගු “ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය”ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන් කළු ගල්, වැලි,පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේඛය මගින් නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here