කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව එම උණ්ඩ සොයාගෙන ඇති බවය.
කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම උණ්ඩ සොයාගෙන ඇත.
එම ගොඩනැගිල්ලේ සේවය කරන සනීපාරක්ෂක සේවකයෙකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති බවද වාර්තා වෙයි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ සඳහා සහාය ලබාදෙන බවද පැවසීය.එම උණ්ඩ අතර T56 ජීව උණ්ඩ 176ක් සහ 9mm ජීව උණ්ඩ 29ක් තිබී ඇත.
එම ගොඩනැගිල්ලේ සේවය කරන සනීපාරක්ෂක සේවකයෙකු විසින් මෙම උණ්ඩ තොගය පළමුව දැක ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් නිසි බලධාරින් දැනුවත් කර තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙයි.