Saturday, November 16, 2024

ලංකාවට ප්‍රතිවාදීන් තුන්දෙනාම පරාද කරන්න බෑ

20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග හෙට (17) එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිතය. මූලික වටය සඳහා කණ්ඩායම් 08 ක් තරග කරයි.

A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සමග නෙදර්ලන්තය, අයර්ලන්තය සහ නැමීබියාව තරග කරද්දී B කාණ්ඩයෙන් බංග්ලාදේශය, ස්කොට්ලන්තය, ඕමානය සහ පැපුවා නිව් ගිනියාව තරගය කරයි.

ප්‍රධාන තරගාවලියට පිවිසීමට කණ්ඩායම් හතරකට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා කාණ්ඩ දෙකේ පළමු හා දෙවන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් සුදුසුකම් ලබයි.

නෙදර්ලන්ත කණ්ඩායමේ නායක පීටර් සීලාර් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත පවසා තිබෙන්නේ මූලික වටය ජයග්‍රහණය කිරීම සඳහා තම කණ්ඩායමට ප්‍රබල අවස්ථාවක් ලැබී ඇති බවයි. තම කාණ්ඩයේ සිටින ප්‍රබලතම ප්‍රතිවාදියා අයර්ලන්තය බවද ඔහු පවසා තිබෙනවා. ශ්‍රී ලංකාව වර්තමානයේදී දක්වන දක්ෂතා අනුව, තරග තුනම ජයග්‍රහණය කළ හැකි යැයි විස්වාස කළ නොහැකි බවත්, ඒ අනුව කණ්ඩායම් හතරම එක හා සමාන දක්ෂතා මට්ටමක සිටින බවත් සීලාර් පවසනවා. මේ නිසා කණ්ඩායම් හතරටම දෙවැනි වටය සඳහා අවස්ථාව තිබෙන බවද ඔහු පවසා තිබේ.

නෙදර්ලන්ත කණ්ඩායම මේ දක්වා කිසිදු ලෝක කුසලාන තරගාවලියකට දෙවැනි වටයට පිවිස නොමැති අතර පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලි දෙක සඳහා සුදුසුකම් ලබා ගැනීමටද අසමත් විය. කෙසේ නමුත් පසුගිය කාලයේදී ඔවුන් එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගනවල තරග රැසකට එක් වූ අතර මේ නිසා නෙදර්ලන්ත කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles