Sunday, September 22, 2024

ඉන්දියාව සංචාරකයින්ට විවෘත වෙයි

මාස 19 කට පසු ඉන්දියාව සංචාරකයින් සඳහා යළි සිය රට විවෘත කිරීමට සූදානම් වනවා. ඒ, අද දිනයේ සිටයි. දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ පහළ යාමත් සමඟ විදෙස් සංචාරකයින් සඳහා පැවති සීමා ලිහිල් කිරීමටයි ඉන්දියාව කටයුතු කළේ. ඒ අනුව අද සිට සෘජුව පැමිණෙන ප්‍රධාන පෙළේ ගුවන් යානාවලට සිය රටට සංචාරකයින් රැගෙන ඒමට ඉන්දියාව අවසර ලබාදී තිබෙනවා. වාණිජ ගුවන් යානාවලින් පැමිණෙන සංචාරකයින්ට ඉන්දියාවට ඇතුලු වීමට අවසර ලබාදී ඇත්තේ නොවැම්බර් 15 වනදා සිටයි.

කොරෝනා ව්‍යාප්තිය දැඩිවීමත් සමඟ ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට සංචාරක වීසා නිකුත් කිරීම අත්හිටුවීමට ඉන්දියාව තීරණය කළා. එහෙත් ඊට මාස කිහිපයකට පමණ පෙර සිට රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහ විදේශීය ව්‍යාපාරිකයින්ට යළි වීසා ලබාදීමටයි ඉන්දියාව තීරණය කළේ.

ඉකුත් වසරේ ඉන්දියාවට පැමිණ ඇත්තේ සංචාරකයින් මිලියන 02 යි දශම 7 යි 4 ක් පමණයි. එය 2019 ට සාපේක්ෂව සංචාරකයින් මිලියන 10 යි දශම 9 යි 3 ක අඩුවීමක්. මේ වන විට ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 70 කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles