Saturday, November 16, 2024

අවුකන පිළිමය අභියස “කොන්ක්‍රීට්‌ මල් ආසනයේ” පුදන මෝඩ කම්!

අප අපේ අත්තලා මුත්තලා මී මුත්තලාගේ පටන් අවුකන ප්‍රතිමා වහන්සේ වන්දනා කළ ඇත්තන්ය. දෙතිස්‌ මහා පුරුෂ ලක්‌ෂණ ගැන දන්නේ නැතත්, උන්වහන්සේ වැඩ හිඳිනා සමභංග ඉරියවුව ගැන එහෙමටම අවබෝධයක්‌ නැතත්, අභය මුද්‍රdව හෝ කටක මුද්‍රdව පිළිබඳ ශාස්‌ත්‍රීය නිර්වචන නැතත් අවුකන ප්‍රතිමා වහන්සේ ජීවමාන බුදුන්සේ අපේ හිත්වල වැඩ සිටියහ. අපේ ඇත්තන් තමන්ගේ ශ්‍රද්ධාවෙන් පිරීගිය හදවත් පත්ලේ වැඩ හිඳ ‘අපේ බුදු හාමුදුරුවෝ ‘ දෑසින් දුටුවේ අවුකන ප්‍රතිමා වහන්සේ ළ`ගදීය. අපට ඒ හැ`ගීම හො`දටෝම ප්‍රමාණවත් විය.

කෙසේ වෙතත් ඊයේ පෙරේදා උන්වහන්සේ වන්දනා කරන්නට ගිය උපාසක අම්මා කෙනෙක්‌ අපට අලුත් කතාවක්‌ කියා එවුවේය. උන්දෑ කීවේ අඩුම තරමින් මීට අවුරුදු එක්‌දාස්‌ දෙසීයකට පෙර අපේ බෝධිසත්ව කලා ශිල්පියෙක්‌ නිර්මාණය කළ අවුකන ප්‍රතිමා වහන්සේ ගර්හාවට ලක්‌ කරමින් මෙලෝ රහක්‌ නැති කොන්ක්‍රීට්‌ ඉදිකිරීමක්‌ කර ඇති බවය. ඒ කොන්ක්‍රීට්‌ ගොඩැලි අවුකන පන්සලේ හාමුදුරුවන් මල් ආසන නමින් නම් කර ඇති බවය. මේ පිළිබ`ද සොයා යැමේදී අප විසින් හෙළි කරගත් අලුත්ම දැනුම මේ රටේ පුරවැසියන්ට ලබාදීම මේ ලිපියේ පරමාර්ථය වන්නේය.

අවුකන ගැන මෙතෙක්‌ දැරූ විද්වත් මත

අවුකන ප්‍රතිමා වහන්සේ ඉදි කරනු ලැබුවේ ක්‍රිස්‌තු වර්ෂ 460 සිට 478 දක්‌වා රජ කළ ධාතුසේන රාජෝත්තමයා විසින් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා මීට දශක හතකට පමණ පෙර කීවේය. එතුමාට අනුව මේ ප්‍රතිමා වහන්සේ චූලවංශයේ දැක්‌වෙන කාලසේල නම් බුදු පිළිමය ය. අවුකන ප්‍රතිමා වහන්සේ මහා පැරකුම්බාවන් රජ කළ 12 වැනි සියවසට අයත් බවට වන මතයක්‌ බරෝස්‌, වින්සන්ට්‌ ඒ. ස්‌මිත්, මෙන්ම ආනන්ද කේ. කුමාරස්‌වාමි යන විද්වත් ඇත්තෝ කියන්නෝය. ඊට පසුව 1952 දී පමණ අවුකන පිළිමගෙට නැගෙනහිර බිත්තියේ තිබී සොයාගත් සෙල් ලිපියකට අනුව අවුකන ප්‍රතිමා වහන්සේ 8 වැනි සියවසට අයත් බව පරණවිතාන මහත්මයාම කීවේය. මහාචාර්ය චන්ද්‍රd වික්‍රම ගමගේ විද්වතා අද කියන්නේත් මේ ප්‍රතිමා වහන්සේ 8 වැනි සියවසට අයත් බවය.

අපේ නිරීක්‌ෂණ

මේ තොරතුරු පසෙක තබා අපත් පසුගිය වකවානුව තුළ අවුකන ප්‍රතිමාවහන්සේ පිළිබ`ද යම් නිරීක්‌ෂණයක්‌ කළේය. ඉන් හෙළිවන තොරතුරු අතිශයින් සිත්ගන්නා සුලුය. පරණවිතානයන් මොන පුරාවිද්‍යාඥයෙක්‌ වුවද, බරොස්‌ලා, වින්සන්ට්‌ ඡේ. ස්‌මිත්ලා, ආනන්ද කුමරස්‌වාමිලා මෙන්ම චන්ද්‍රd වික්‍රම ගමගේලා මොන මට්‌ටමේ විද්වතුන් වුවද අපේ නිරීක්‌ෂණ අනුව ඔවුන් ඉදිරිපත් කළ කාරණා බොරුය. එම නිරීක්‌ෂණ ප්‍රකාරව අප විශ්වාස කරන පරිදි අවුකන ප්‍රතිමාවහන්සේ නිර්මාණය කරන්නේ අවුකන විහාරාධිකාරී ශාස්‌ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හාමුදුරුවන්ගේ මෑණියන්ගේ ලොකු තාත්තාගේ මී මුත්තා කෙනෙකි. ඒ අනුව අවුකන ප්‍රතිමාවහන්සේ පිළිබ`ද ප්‍රවේණි උරුමය ඇත්තේ උන්වහන්සේටය. මේ කාරණාව තහවුරු කිරීමට අපට ඕනෑ තරම් සාධක තිබෙන්නේය. ඒවා මෙසේ පෙළගැස්‌විය හැකිය.

සාධක අංක 1

ගෙදර අපේ මිදුලේ කොන්ක්‍රීට්‌ බංකු තබන්නේ අපට ඕනෑ විදිහටය. ඊට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ නාගරික සංවර්ධන අධිකාරියෙන් හෝ රාජ්‍ය පරිපාලනයෙන් ඊට අවසර ගන්නට ඕනෑ නැත. අවුකන ප්‍රතිමා වහන්සේ පිළිබ`දව කතාවේදී මේ සාමාන්‍ය දැනුම ඉදිරිපත් වන්නේ මෙසේය. අවුකන ප්‍රතිමාවහන්සේ ඔය කියන තරම් ඓතිහාසික නම්, එය ධාතුසේනගේ හෝ දෙවන සේන රජතුමන්ලාගේ කාලයේ ඉදිකිරීමක්‌ නම්, ජාතියක්‌ රංජනය කරන උත්තුංග ඓතිහාසික කලා කෘතියක්‌ නම් මේ ප්‍රතිමාවහන්සේ ජාතික උරුමයකි. එවන් උරුමයක්‌ සහිත ඓතිහාසික බිම්පෙත්වල හිතූ මතේ උවමනා දේ ඉදිකරන්නට නීතියෙන් අවසර නැත. අඩුම තරමින් ප්‍රතිමාවහන්සේගේ සිට මීටර 400 සීමාව තුළ ඉදිකිරීම් කළොත් ඉන්න වෙන්නේ ඇපත් නැතිව මහ උළු ගෙදරය. පුරාවිද්‍යා ආඥා පනත ඒ තරම්ම ප්‍රබල ලෙස ජාතික උරුමය ආරක්‌ෂා කරන්නේය. අවුකන ප්‍රතිමා වහන්සේ ශාස්‌ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හාමුදුරුවන්ගේ පුද්ගලික බූදලයක්‌ නොවේ නම් මේ නීතිය ක්‍රියාත්මක විය යුතුය. මේ මල් ආසන මේ භූමියෙන් නීත්‍යානුකූලව ඉවත් කළ යුතුය. අනවසර ඉදිකිරීම් කරමින් පෞරාණික භූමියක්‌ කෙලෙසීම පිළිබ`දව අවුකන විහාරාධීකාරී තැනට මෙන්ම ඊට සම්බන්ධ වුණු පිරිසට නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේනම් අවුකන ප්‍රතිමා වහන්සේගේ ඓතිහාසිකබව පිළිබ`දවත් ප්‍රශ්නයක්‌ මතුවේ. එසේ නොවන්නේ අවුකන ප්‍රතිමා වහන්සේ අවුකන විහාරාධිකාරී හාමුදුරුවන් මහණ වන විට මව් උරුමයෙන් ලද ප්‍රවේණි බූදලයක්‌ නිසාය.

සාධක අංක 2

අපේ ගෙදර වත්තේ ඇති පිළිමයක්‌ දකින්නට විදේශිකයන් හෝ දේශීය කලාකාමීන් එනවා නම් ඔවුන්ට ඒ නිර්මාණය පෙන්වීමට ටිකට්‌ කැඩීමේ ශුද්ධ වූ අයිතියක්‌ අපට තිබේ. ටිකට්‌ එකක්‌ ගන්නට බැරි විදේශිකයන්ට ගෙවත්ත මායිමට ඇතුළු වන්නට ඉඩ නොදීමට අපට පුළුවන. ඒ මුදල් අපට අවශ්‍ය අප හා යහන්ගත වීමට කැමති මාගමුන්ට, ඔවුන්ගේ පවුල්වලට, ඔවුන්ගේ ගෙවල් දොරවල් යාන වාහනවලට වියදම් කළ හැකිය. එය කාටවත් ප්‍රශ්න කළ හැකි නොවේ.

අවුකන රටක ජාතික උරුමයක්‌ නම් ඒ උරුම කළමනාකරණයට වැඩ පිළිවෙළක්‌ තිsබිය යුතුය. රටේ උරුමය දැකීමට දුරුමග ගෙවා එන විදේශිකයන්ට රට ගැනත්, රටේ උරුමය ගැනත්, රටේ උරුමයක්‌ වූ සංඝරත්නය ගැනත් පැහැසර බලාපොරොත්තු ඇති කරවීමේ වැඩපිළිවෙළක්‌ තිබිය යුතුය. සෑම විදේශිකයෙක්‌ම අවුකන ප්‍රතිමාවහන්සේ දකින්නට එන විට රුපියල් පන්සියයක්‌ ගෙවිය යුතු නම් රටේ උරුමය වෙනුවෙන් උපදින ඒ මුදල විගණනය විය යුතුය. එහෙත් අවුකන විහාරාධිකාරිය අවුකන ප්‍රතිමාවහන්සේ ජාත්‍යන්තරයව අලෙවිකර උපයන රුපියල් මිලියන ගණනක මුදලින් සිදුවන්නේ මොනවාදැයි කිසිවෙක්‌ ප්‍රශ්න කරන්නේ නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යම සංස්‌කෘතික අරමුදලට මේ ස්‌ථානය පිළිබඳ කටයුතු කිරීමට බලයක්‌ නැති බව ඔවුන් කියන්නේය. ඒ අනුව අපගේ නිගමනය නැවතත් තහවුරු වන්නේය. ඒ නිගමන තහවුරු කරන තවත් සිද්ධියක්‌ මේ ලියුම්කරු දෑසින් දුටුවේ මීට වසර හයකට පමණ පෙරදීය.

ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්‌ ඔහුගේ ප්‍රංශ ජාතික බිරි`දත් දරුවනුත් බිරිඳගේ නැගණියත් සමඟ අවුකන වඳින්නට ආහ. අපේ හාමුදුරුවන් මේ පිරිසට ටිකට්‌ කඩන්නට හැදුවේය. වෛද්‍යවරයා කීවේ තමන් දැනට ප්‍රංශයේ සේවය කරනු ලැබුවත් ශ්‍රී ලාංකිකයෙක්‌ බවය. මේ රටේ දුෂ්කර පළාත් ගණනාවක සේවය කර සිය යුතුකම් රටට ඉටු කළ බවය. යුද්ධය පැවති මුල් වකවානුවේ හමුදාව වෙනුවෙන් ස්‌වේච්ඡා සේවයක්‌ කළ බවය. රඹුක්‌වැල්ලේ සිටින ස්‌වකීය මෑණියන් දකින්නට නිවාඩුවට ආ බවය. තම බිරි`ද ප්‍රංශ ජාතික වුවත් තමන්ගේ දරුවන් සිංහල කතා කරන සිංහල නම් තිබෙන දරුවන් බවය. ඒ නිසා තමන්ට ටිකට්‌ ලබාගෙන අවුකන වන්දනා කරන්නට අවශ්‍ය නොවන බවය.

මේ කතාවෙන් අපේ හාමුදුරුවෝ කිපුණහ. අවුකන පන්සල ප්‍රවේශයේ ඇති පොලිස්‌ මුරපළ අමතා කෑ ගැසුවෝය. පොලිස්‌ කාරයින් දෙදෙනෙක්‌ හො`ද පදය කියමින් පැමිණ මේ පිරිස බලහත්කාරයෙන් ඒ භූමියෙන් ඉවත් කළහ. මේ කතාව පත්තරවලත් ගියේය. ජාතික උරුමයක්‌ සහිත උත්තම පුදබිමක්‌ නම් මෙවැනි අවලම් සදාචාර විරෝධී වැඩ වන්නේ නැත. ඒ අනුව යළිත් මේ භූමියේ පරවේණි අයිතිය පිළිබ`ද අප නගන තර්කය තහවුරු වන්නේය

සාධක අංක 3

අපේ වත්ත තිබෙන්නට ඕනෑ ආකාරය තීරණය කරන්නේ අපය. එය පෙරේත විමානයක්‌ හෝ සොඳුරු උද්‍යානයක්‌ වීම පිළිබ`ද තීන්දුව අප සතුය. අවුකන ප්‍රතිමාවහන්සේ හැරුණු කොට අවශේෂ භූමිය දැන් දිස්‌වන්නේ අමනුෂ්‍ය වාසස්‌ථානයක්‌ ලෙසය. රටක කීර්තිය ජාත්‍යන්තරයට ගෙනයන ඓතිහාසික පූජා භූමි එසේ පවතින්නේ නැත. මීට වසර හතකට පමණ පෙර අවුකන පුදබිම වටිනා ජාතික උරුමයක්‌ ලෙස වරදවා වටහාගත් එවකට සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් රියර් අද්මිරාල් සරත් වීරසේකර විශාල සිවිල් ආරක්‌ෂක භටයන් ප්‍රමාණයක්‌ යොදවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ දැවැන්ත භූ අලංකරණ ව්‍යාපෘතියක්‌ දියත් කළේය. ඔවුන් අවුකන ප්‍රවේශයේ මනාකොට ගල් වැටි දැමූහ. පස්‌ කඳු කපාගෙන විත් පොළොව සකස්‌ කළහ. කලා වැවෙන් තණ පිඩැලි ගෙනැවිත් ඇතිරූහ. ජිනසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂ රොහාන් ජිනසේන රුපියල් මිලියන ගණනක්‌ වියදම් කර මුළු අවුකන භූමියම ආවරණය වන ශුද්‍ර ජල සම්පාදන ක්‍රමයක්‌ පිහිට විය. ලක්‌ දනව් ආයතනය පුරාවිද්‍යා නියමයන් ප්‍රකාරව විශාල මුදලක්‌ යොදවා ප්‍රතිමා වහන්සේ ආලෝකකරණය කළේය. අවුකන දිස්‌වූයේ මනරම් උයනක්‌ ලෙසය. ජාත්‍යන්තර ප්‍රසාදයට පත් ජාතික උරුමයක්‌ නම් පැවතිය යුතුව තිබුණේ එසේය. එහෙත් මගේ ගෙවත්ත එක එකා අලංකාර කරනවාට මං අකමැතිවා සේම අවුකන විහාරාධිකාරියත් ඒ අලංකාරයට කැමති වුයේ නැත. අවුකන විහාරාධිකාරියේ හැසිරීමට එරෙහිව කිසිවෙක්‌ වචනයක්‌වත් කතා කළේ නැත. ඒ නිසා තමන්ට සුදුසු අවිනීත යෑයි රටට හැෙ`ගන පෙනුම විහාරාධිකාරිය අවුකනට ලබා දුන්නේය. අවුකන ජාතික උරුමයක්‌ සේ හිතාගෙන කටයුතු කළ සරත් වීරසේකරලා, රොහාන් ජිනසේනලා මෙන්ම ලක්‌දනවි ආයතනයත් හො`ද පාඩමක්‌ ඉගෙන ගත්තේය. ඒ පාඩම අවුකන ප්‍රවේණි උරුමයක්‌ බව සහතික කරන්නේය.

මේ හා සම්බන්ධ තවත් නිගමන ගණනාවක්‌ ඉදිරිපත් කළ හැකි වුවද දැනට අප නගන තර්කය සනාථ කිරීමට මේ කරුණු සෑහෙන බව අපගේ හැ`ගීමය. මේ කතා පෙළ ගැසෙනවිට අපේ අත්තම්මා කීවේ සිවුරු පෙරවි නිඝන්ඨයන් බුද්ධ කාලයේත් ශාසනයේ සිටි බවය. ඒ කතාව මේ ප්‍රස්‌තුතය හා ගලපා ගත නොහැකි නිසා එය නොසලකා හරින බව පාඨක ප්‍රජාවට කිව යුතුය.

නිගමන හා යෝජනා

මේ විද්‍යාත්මක තහවුරු කිරීම් අනුව අප වටහා ගත යුත්තේ අවුකනට ඇත්තේ පරණවිතානලා කියන ඉතිහාසයක්‌ නොවන බවය. එමෙන්ම අවුකන ජාතික උරුමයක්‌ නොවන බවත් තේරුම් ගත යුතුය. අවුකන ප්‍රතිමාව අභියස කොන්ක්‍රීට්‌ මල් ආසන නොව තමන්ට සුපුරුදු මාගමුන් හා යහන්ගත වීමට මනරම් සයනයක්‌ තබා ගත්තත් මේ රටේ මිනිස්‌සුන්ට බඩේ කැක්‌කුමක්‌ හැදෙන්නට හේතු කාරණා නැත. කොන්ත නෝනාගේ දේ කොන්ත නෝනාට ඕනෑ හැටියට කීවාක්‌ මෙන් අවුකන පන්සලත් අවුකන විහාරාධිකාරී අපේ ශාස්‌ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හාමුදුරුවන්ට ඕනෑ හැටියටය. අප කළ යුත්තේ ජාතියක්‌ වශයෙන් උන්වහන්සේගේ අයිතියට ගරු කිරීමය. මේ අයිතියට ගරු කළ යුතු ආකාරය අවුකන ප්‍රවේශය ඉදිරිපිට ඇති පොලිස්‌ මුරපොලෙන් හෝ ගල්නෑව පොලිසියෙන් අසා දැන ගත හැකිය. (මග දිගට හමුවන අවුකන ගමේ ගැමියන් බොහෝ දෙනෙක්‌ පොලිසියෙන් ඒ පාඩම ඉගෙන ගෙන ඇති බව සැලය. ඔවුහු අලුත් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහත්මයා හමුව ඉගෙනගත් පාඩම් ගැන සැල කිරීමට අවස්‌ථාව පැමිණෙන තුරු බලා සිටින බව කියති.) රුචිර ජයදේව-දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles