කරන්නාගොඩට එරෙහි රිට් පෙත්සම ඉදිරියට – නොතීසිත් නිකුත් කරයි

0
311

2008-2009 කාලසීමාවේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා මින් ඉදිරියට පවත්වාගෙන නොයෑමේ තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කල රිට් පෙත්සමට අදාළව වගඋත්තරකාර පාර්ශවයට නොතීසි නිකුත් කර තිඛෙනවා.

ඒ අනුව වගඋත්තරකාර වසන්ත කරන්නාගොඩ මහතා සහ නීතිපතිවරයාට ලබන 29 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කලේ.

පැහැරගැනීමට ලක්වූ තරුණයන්ගේ ඥාතීන් 04 දෙනෙකු විසිනුයි මෙම රිට් පෙත්සම ගොනු කර ඇත්තේ.

මෙම පෙත්සම විභාග කර අවසන්වන තුරු හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසයි රිට් පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා මින් ඉදිරියට පවත්වාගෙන නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතීඥවරිය පෙරේදා දිනයේදී අභියාචනාධිකරණයට දැනුම් දුන්නා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here