Saturday, September 21, 2024

මාදුරුඔයේ පුංචි යුද්ධයක්

ඉන්දු – ශ්‍රී ලංකා යුද හමුදා ඒකාබද්ධ මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අවසන් අදියර අද මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී පැවැත් විය.

එහි අවසන් අභ්‍යාසය නිරීක්ෂණය සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් එම්. එම්. නාරාවන මහතා හා ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක් වූහ.

දෙසතියක් පුරා පැවති මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයට ඉන්දීය යුද හමුදා භටයින් 120 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් 120 ක බට පිරිසක් එක්ව සිටියහ.

මෙම අභ්‍යාසය අවසන් අදියර නිරීක්ෂණය සඳහා එක් වූ ඉන්දිය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් එම්. එම්. නාරාවන මහතා පැවසුවේ, ඉන්දීය හමුදාවට මෙම අභ්‍යාසය හරහා හෙඳ අද්දැකීමක් ලැබුණු බවත් ඉදිරියේදී මෙවැනි ක්‍රියාකාරකම් හරහා දෙරට හමුදාවන් අතර පරාසය දියුණු වනු ඇතැයි, තමන් අපේක්ෂා කරන බවත් ය.

මිත්‍ර ශක්ති කියන නමේ තේරුම , ශක්තිය සහ මිත්‍රත්වය කියන එකයි .පසුගිය සති දෙකක කාලය තුළ ඉන්දියාව සහ ලංකාවේ හමුදාවන් ඉතා සමීපව වැඩ කළා. එහි ප්‍රථිපලයක් ලෙස දෙරට හමුදාවන් අතර ඇති අන්තර් ක්‍රියාවලීන් තීව්‍ර වී තිබෙනවා. මට හෙඳටම විශ්වාසයි අපගේ හමුදා අංශවලට හෙඳ අද්දැකීමක් මෙම අභ්‍යාසය හරහා ලැබුණා කියලා. මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මේ වගේම ක්‍රියාකාරකම් හරහා දෙරට හමුදාවන් අතර පරාසය දියුණු වෙයි කියලා. අනාගතයේදී මේ වගේ ක්‍රියා කාරකම් හරහා දෙරටේ හමුදාවන් අතර වැඩි වෙයි කියලා”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles