රතන හිමි අපේ ජනබල පක්ෂයෙන් නෙරපීමේ තීරණයක්

0
295

අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

 අපේ ජනබල පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව
එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. විනය මණ්ඩලය විසින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වෙත චෝදනා 4 ක් එල්ල කර ඇති අතර එම නිර්දේශ අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. කෙසේ වෙතත් අපේ ජනබල පක්ෂයේ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ගත් එම තීරණය සම්බන්ධයෙන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත ද ලිඛිතව භාරදීමට එම පක්ෂය කටයුතු කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රතන හිමියන් මෙවර පාර්ලිමේන්තුවට පත්වූයේ අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරයෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here