Saturday, September 21, 2024

2021 ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි වී ඇති තැන

2021 ගෝලීය සාගිනි දර්ශකයේ 65 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකය සඳහා මෙවර ලොව පුරා රටවල් 116ක් ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වේ.

ඒ අනුව මෙවර ලකුණු 16 ක් ලබාගෙන ඇති ශ්‍රී ලංකාව මධ්‍යස්ථ මට්ටමක පසුවන බව එම දර්ශකයෙන් පෙන්වා දී ඇත.

අඩු පෝෂණය, ළමා මරණ, ළමුන්ගේ වර්ධනය යන කරුණු සැළකිල්ලට ගනිමින් සාගිනි දර්ශකය සකසයි. එම දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%ක් ආහාර අනාරක්ෂිතතාවට ලක්ව ඇති අතර එය පුද්ගලයන් වශයෙන් 66,26,000කි.

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් 83%ක් ම ග්‍රාමීය ජනතාව වන අතර 17% ක් නාගරික ජනතාවයි.

බෙලරුස්, බොස්නියාව, චීනය, බ්‍රසීලය, කුවේට්, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක් එම දර්ශකයේ ලකුණු 05ට වඩා අගයකට හිමිකම් කියමින් සාගිනි අඩුම රටවල් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාවේ සෙසු රටවල් සාගිනි දර්ශකයේ ඉහළ ස්ථානවල පසුවන අතර අසල්වැසි ඉන්දියාව අවදානම් මට්ටමේ පවතින රටවල් අතරට අයත්ව ඇත්තේ මෙවර 101 වන ස්ථානයට පත්වෙමිනි.

මියන්මාරය 71 වන ස්ථානයට, නේපාලය හා බංග්ලාදේශය 76 වන ස්ථානයට සහ පාකිස්ථානය 92 වන ස්ථානයට පත්ව තිබේ.

2020 ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 64 වන ස්ථානයයි.

ළමා මරණ , මන්ද පෝෂණය , ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගෙන මෙම දර්ශකය සකස් කර තිබෙනවා.

දර්ශකයේ අඩුම ළකුණු ලබා ගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වනවා.ඒ අනුව ලංකාව ලකුණු 16 ක් ලබාගෙන මධ්‍යස්ථ මට්ටමක පසුවන බව එම දර්ශකයෙන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් දෙදහස වසරෙන් පසු ශ්‍රී ලංකාව සාගිනි දර්ශකයේ ස්ථාන හයකින් පමණ පහත වැටී ඇති අතර, සමස්ත වෙනස සියයට 26.9 කි.

2020 වසරේ ඉන්දියාව 94 වන ස්ථානයේ පසු වූ අතර, මෙවර ඉන්දියාවට හිමිව ඇත්තේ 101 වැනි ස්ථානයටයි.

ඒ අනුව 92 වන ස්ථානයේ පසුවන පාකිස්ථානය, 76 වන ස්ථානයේ පසුවන බංග්ලාදේශය සහ නේපාලයට පසුවයි ඉන්දියාව වර්ගීකරණය කර ඇත.

දකුණු ආසියාවේ සෙසු රටවල් ශ්‍රී ලංකාවට සාපේක්ෂව සාගිනි දර්ශකයේ වඩාත් පහළට ගොස් ඇත. ඉන්දියාව 101 වැනි ස්ථානයේ රැඳී සිටියි. ඒ අනුව දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව අනෙකුත් රටවල්වලට වඩා හොඳ මට්ටමක පැවතිය ද එය සතුටුදායක තත්වයක් නොවේ.

ලොව සාගින්න වැඩිම රට බවට පත්ව ඇත්තේ සෝමාලියාවයි. සෝමාලියාවට ඉදිරියෙන් සිරියාව, දකුණු සූඩානය, කොමරෝස්, බුරුන්ඩි වැනි රටවල් පත්ව සිටියි.

2021 ගෝලීය සාගිනි දර්ශකය – https://www.globalhungerindex.org/ranking.html

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles