සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩුවොත් තවත් කොවිඩ් රැල්ලක් – GMOA

0
307

යම් සීමාවන්ට යටත්ව ලිහිල් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව විසින් ලිහිලට ගතහොත් මේ භයානක කොවිඩි රැලි ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

රට සාමාන්‍යකරණයට යෑමේ පියවරක් ලෙස කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙලෙස ලිහිල්කරණයට ලක්කර ඇතත් නිසි නියාමනයකින් තොරව එය සිදු කරන්නේ නම් ඉදිරි ප‍්‍රතිඵල භයානක විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවැසීය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සිතා බලා ගත් යම් සාධනීය පියවරක් වුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පිටුපා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ලෙස කටයුතු කළහොත් රට නැවත ඇගුළු වැටීම වැළැක්විය නොහැකි බව එම සංගමය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here