කඩදාසි කම්හල යළි ගොඩනගනවා

0
367

වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල ජාතික සම්පතක් ලෙස යළි ගොඩනගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පසුගිය සමයේ දේශීය කර්මාන්තශාලා දැවැන්ත ඇද වැටීමකට ලක්වූ අතර කර්මාන්ත ශාලා 500 ක් පමණ වැසී ගිය බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් දේශීය ආර්ථීකය ගොඩනැගීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව කියා සිටියේය.

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (18දා) ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

ගව ඝාතනයට සහ ගව මස් ආහාරයට ගැනීමට එරෙහිව දිගු කලක පටන් ලාංකීය සමාජයේ පවතින හඬට නව ජවයක් එක් කරමින් ගවයින් නිදහස් කොට මුදා හැරීම සඳහා මහවැලි අධිකාරියට අයත් අක්කර 100 ක භූමි ප්‍රමාණයක් නිදහස් කිරීම ද මෙම පිංකම් මාලාවට ඇතුළත් විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here