Tuesday, September 24, 2024

ගෝඨාටයි – මහින්දටයි චම්පිකගෙන් යෝජනාවක්

කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත්, ඒ බව තේරුම් ගෙන ජනාධිපතිවරයාත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් ගොවීන්ට දණ ගසා වැද සමාව ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය යටතේ සාගතයක් ඒම වැළැක්විය නොහැකි බවත්, වහාම ප්‍රමිතියකින් යුතු පොහොර ජනතාවට ලබා දිය යුතු බවත්ය.

ඇතැම් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් කාබනික ගොවිතැන ඇති ලොව එකම රට ලෙස මේ රට බ්‍රෑන්ඩ් කිරීමට උත්සාහ ගත් බවත්, මේ වනවිට එය සම්පූර්ණයෙන්ම අසාරථක වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

අඩුම තරමින් හැකි නම් 1%ක්වත් කාබනික පොහොර ගොවිතැන කර ‌පෙන්වන ලෙස තමන් ජනාධිපතිවරයාටත්, කෘෂිකර්ම අමාත්‍යවරයාටත් අභියෝග කරන බවද ඒ මහතා පෙන්වා සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles