Monday, September 23, 2024

ඇමසන් ඉඩම් ෆේස්බුක් මගින් අලෙවි කළ නොහැක

ඇමසන් වනාන්තරයේ ආරක්‍ෂිත ප්‍රදේශ තම වෙබ් අඩවිය තුළ විවිධ දැන්විම් යොදාගෙන නීති විරෝධී ලෙස විකිණීම තහනම් කිරීමට කටයුතු කරන බව ෆේස්බුක් සමාගම පවසයි. නමුත් මෙම පියවර ඇමසන් වෙත පමණක් සීමා වන අතර ලොව පුරා ඇති වෙනත් වැසි වනාන්තර හා වනජීවී වාසස්ථාන නොවේ.

මෑත කාලීන අධ්‍යයනයකට අනුව, වනාන්තර විනාශයෙන් තුනෙන් එකක් පමණ සිදු වන්නේ ඇමසන් වනාන්තරයේ පොදු අයිතිය සහිත වනාන්තර තුළ ය.

ෆේස්බුක් සමාගම පැවසුවේ මෙවැනි නීති විරෝධී දැන්වීම් හඳුනා ගැනීමට සැලසුම් කළේ කෙසේදැයි හෙළි නොකරන නමුත් ඇමසන් වැසි වනාන්තරයේ ආරක්ෂිත ප්‍රදේශ හදුනා ගැනිමට ක්‍රමවේදයක් සකසා ඇති බවයි.

බීබීසීය කළ විමර්ශනයට ප්‍රතිචාර වශයෙන් බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ෆේස්බුක් හරහා ඇමසන් වනයේ ආරක්ෂිත ප්‍රදේශ විකිණීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළේය.

ඇමසන් වැසි වනාන්තරය වර්ග කිලෝමීටර් මිලියන 7.5 ක් ව්‍යප්ත අතර පේරු, ඉක්වදෝරය සහ කොලොම්බියාව ඇතුළු රටවල් හතකට වඩා විහිදේ.

නමුත් ෆේස්බුක් සමාගමේ මෙම තිරණය බලාත්මක කිරීමට හා ශක්තිමත් කිරීම සඳහා එක් එක් කලාපයේ අදාළ රජය සමඟ ද එය කටයුතු කරමින් සිටියේද යන්න තාක්ෂණිකව ෆේස්බුක් සමාගම තහවුරු නොකරයි. ඇමසන් වනාන්තරයෙන් 60% ක් පමණ බ්‍රසීලයට අයත් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles