රජය ශානිට බෑ කියයි

0
299

විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ලැබූ තමාට යළි පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙස හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේපකර ඇත.

ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ මිනීමැරුම් අටක සැකකරුවන් අල්ලා ගැනීමට තමා කි‍්‍රයාකළ බවත් තමාට එරෙහි පොලිස් නිලධාරීන්ගෙන් තර්ජන එල්ලවීමට ඉඩක් තිබෙන බව ශානි අබේසේකර පොලිස්පති වෙත ලිපියක් යවමින් දන්වා තිබේ.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ශානි අබේසේකර විශ‍්‍රාම ලබා ඇති බවත් ඔහුට මරණ තර්ජන එල්ලවී ඇති බවට බුද්ධි අංශ වාර්තාකර නැති බවත්ය.

හිටපු රහස් පොලිස් නිලධාරි ශානි අබේසේකර මෙම මරණ තර්ජන ගැන දක්වා ඇත්තේ විදේශයක දේශපාලන රැකවරණ ලබාගැනීමට බව රජය සැක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here