රජයේ තීරණවලට පිටින් යන වෘත්තීය සමිති මර්දනය කරන්න

0
296

යම් වෘත්තීය සමිතියක් රජයේ තීරණවලට එකඟ නොවී ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය නතර කළ යුතු බව මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා ඊයේ (15 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

එසේ නොකළේ නම් මහාතීර් මොහොමඩිලාට මැලේසියාව පොහොසත් රටක් කර ගන්න බැහැ. චීනය, සිංගප්පූරු නායකයන්ට රටවල් ඒ තත්ත්වයට ගේන්න නොහැකියි යනුවෙන් ඔහු පැවසීය.

යම් වෘත්තීය සමිතියක් සීමාව ඉක්මවා ඉදිරියට යනවා නම් එය නතර කර රජයේ තීරණය කි‍්‍රයාත්මක කළ යුතුයි. එය මර්දනයක් විය හැකියි. තර්ජනයක් විය හැකියි. රජයේ තීරණ කි‍්‍රයාත්මක කරන්න පියවර ගත යුතුයි යැයි ද ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here