ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික ගොවිතැනට සුදුසුයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්

0
270

මෙරටට ආනයනයකර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර ගොවිතැන සඳහා යොදා ගැනීම ඉතාම සුදුසු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරුකර සිටී.

මෙවර මහ කන්නය සඳහා ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව ද ඒ මහතා කියා සිටී.

ලිතුවේනියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබූ මෙටි‍්‍රක් ටොන් 30,000ක ධාරිතාවයෙන් යුතු පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොර නුසුදුසු බව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන තොරතුරු වැරදි යැයි ද ඒ මහතා කියා සිටී.

මේ සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වූ අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි. යාපා මහතා පෙන්වා දෙන්නේ ආනයනයකර ඇති පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොර මෙරට එප්පාවල පොස්පේට් පොහොර මෙන් මහ පොළොවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය.

වාර්තාව – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here