Monday, September 23, 2024

මෛත‍්‍රීගේ නායකත්වයෙන් ශ‍්‍රීලනිප ආණ්ඩුවක් බිහි කරන්නකරන්න එකතු වෙන්න – දයාසිරි කියයි

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට පක්ෂ, පාට නොබලා සියලූ දෙනා එකට එකතු විය යුතු බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

2015 දී තමන්ට හිමි බලය අත්හැරපු එකම නායකයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා බවත් එවැනි නායකත්වයක ආශිර්වාදය මත රට වැටී ඇති අර්බුදයෙන් ගොඩඒමට කටයුතු කළ යුතු බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සඳහා ආර්ථිකයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා කෘෂිකර්මයට අවශ්‍ය නිවැරදි ප‍්‍රතිපත්ති මාලාවක් සකසා එයට සියලූ පක්ෂ ඒකරාශි කරගත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බව ද මහලේකම්වරයා සඳහන් කළේය.

එදා බණ්ඩාරනායක මැතිනිය ගෙනගිය නොබැඳි පිළිවෙත අනුගමනය කරමින් විදේශීය කෙළිබිමක් බවට මේ රට පත් නොකර සැමට මිතුරු පිළිවෙත අනුගමනය කරමින් නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා පක්ෂයේ පහළ සාමාජිකයාගේ සිටම එක්ව කටයුතු කිරීම මේ මොහොතේ වැදගත් බව ද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles