බැකෝ යන්ත‍්‍ර දාගෙන වැඩ… ජේතවන පුදබිමේ පෞරාණික ගල් ඉවත් කර මැටිගල් ඇල්ලීමේ සූදානමක් !

0
326

අනුරාධපුර ඓතිහාසික ජේතවන පුදබිමේ උතුරු දොරටුව අභියස විශාල ප‍්‍රමාණයේ බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් පෞරාණික ගල් විනාශකර මැටිගල් ඇල්ලීමට කටයුතු කරන බව පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ දිවයිනට පැවසූහ.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ.

“ජේතවනාරාමය කියන්නේ ඓතිහාසික වටිනාකමකින් යුත් පුදබිමක්. ඒ වගේම ලෝකයේම උසට පූජනීය උරුමය එදා මිහිඳු මාහිමියන් ධර්මදේශනා කළෙත් උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය පැවැත්වුවෙන් මේ පින්බිමේ. එසේ තිබියදී මේවා විනාශ කරලා නැවත මැටි ගඩොල් ඇල්ලීමෙන් වැස්සට සේදිලා විනාශවෙලා යනවා. මේවා පවතින දේවල් නෙමෙයි.”

“පොළොන්නරුවේ වටදාගෙයටත් මෙවැනිම සිදුවීමක් වුණා. මේ ව්‍යාපෘති නිලධාරීන්ගේ වැඩ. මේ කරන දේ සම්පූර්ණ පුරාවිදවට පටහැනියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මධ්‍යම සංස්කෘතික අරමුදල ඔය උගතුන් බුද්ධිමතුන් කියා ගන්නා පිරිසට අපි කියනවා, මේවායින් වෙන හානිය හිතන්න කියලා.”

වාර්තාව – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here