වන අලි එලවන්න හඳුන්කූරක්

0
317

වන අලි පලවා හැරීම සඳහා උපකාරී වන හඳුන්කූරක් නිපදවීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය කළ අත්හදා බැලීම සාර්ථක වූ බව එම අමාත්‍යංශය පවසනවා.

මේ වන විට නිෂ්පාදනය කර ඇති හඳුන්කූර දැල්වෙන්නේ පැය එකහමාරක් පමණ වන බැවින් එහි කාලය දීර්ඝ කර ගැනීමට තවදුරටත් අත්හදා බැලීම් සිදු කරමින් පවතින බවයි අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

නිවෙස් තුළ දල්වන මෙම හඳුන්කූරෙන් නිකුත් වන සුවඳ ආඝ්‍රානය කරන වන අලි, නිවාසවලින් බැහැරව ගමන් කරන අතර නිවෙස්වලට පහර දීමට නොපෙළඹෙන බව එම අමාත්‍යංශය පෙන්වා දෙනවා.

දැනට අත්හදාබලා ඇති හඳුන්කූර දැල්වෙන්නේ පැය එකහමාරක් පමණ වන බැවින් එහි කාලය දීර්ඝ කර ගැනීමට තවදුරටත් අත්හදා බැලීම් සිදු කරමින් පවතිනවා.

මෙම කරුණු අනාවරණ වුණේ, වන සතුන්ගෙන් සිදු වන හානි අවම කිරීම පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here