සායනික පොහොර ගේනන වෙලාවක් නෑ.. ගේන්න මාස දෙකක් යනවා.. ගෙනා පොහොරෙන් වගා කරන්න – මහින්දානන්ද

0
287

කුමන හෝ පොහොරක් ඉල්ලූ ගොවියන් දැන් රසායනික පොහොර පමණක් ඉල්ලා සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
දැන් රසායනික පොහොර ආනයනය කිරීමට වෙලාවක් නැති බවත් එම පොහොර ආනයනය කිරීමට අඩුම මාස දෙකක කාලයක් යන බවත් අමාත්‍යවරයා පැවසීය.
එනිසා රසායනික පොහොර ඉල්ලමින් උද්ඝෝෂණය කිරීමේ තේරුමක් නැති බවත් එය දේශපාලණීකරණය කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවත් අමාත්‍යවරයා කීය.
දැන් රසායනික පොහොරෙ ආනයනය කිරීමට ගියොත් මහ කන්නය අවසාන වන බවද පැවසූ අමාත්‍යවරයා එනිසා මේ මොහොතේ රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණ කිරීමේ කිසිදු තේරුමක් නැති බවද කියා සිටියේය.
යම් ලෙසකින් දැනට ගෙන්වා ඇති කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කර අස්වන්නේ යම් අඩුවක් සිදු වූවොත් ඒ සඳහා වන්දි රජය විසින් ගෙවන බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here