නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන 2 ක් ආනයනයට සැරසෙයි

0
293

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් මිලියන දෙකක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සමාගමකින් ආනයනය කරන මෙම නැනෝ නයිට්‍රිජන් දියර පෙහොර ලොව ඉහළම තාක්ෂණයෙන් යුත් ශාක පෝෂකයක් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ.ජයසිංහ මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, එහි පළමු තොගය ලබන අඟහරුවාදා ගුවන් මගින් මෙරටට රැගෙන එන බවයි.

දැනට භාවිත කරන යූරියා පොහොරවලට වඩා ඉහළ ඵලදායිතාවයකින් යුක්ත මෙම පොහොර විශේෂයට ලොව ඉහළ ඉල්ලුමක් බවතින බව ද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here