රතන හිමි ඉවතට ඥානසාර හිමි අසුනට

0
369

අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමියන් සහ  ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන් සම කාලසීමාවක් දැරීමට එකඟත්වයක් ඇතිවූ බවද එම පක්ෂය සඳහන් කරයි.

අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි එම පක්ෂය  මැතිවරණ කොමිෂන් සභාවට  ඊයේ දැනුම් දුන්නේය.

පසුගිය මහ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර සමාන කාලසීමාවන්වලදී හිමිවීමට එකඟතාවට එළැඹ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here