තියුණු ආයුධයකින් පහර දීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තුවාල

0
377

පා මුර සංචාරයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොළඹ, මෝදර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබේ.

පොලීසිය සඳහන් කළේ, කැපුම් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 ට පමණ මෝදර පොලිස් ස්ථානයට අනුයුක්ත එම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පා මුර සංචාරයේ යෙදී සිටියදි මෝදර එළිහවුස් ක්‍රීඩාංගණය අසලදී එම එලෙස පහරදීමට ලක්ව ඇත.

පාළු ගෙවත්තක ශබ්දයක් ඇසි පරීක්ෂා කිරීමට යාමේදි එහි වැටි සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරින් සමග පොරබදා ඔහුගේ ශරිරයේ සඟවාගෙන සිටි පිහියකින් පොලිස් නිලධාරින්ට පහරදී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here