ඉන්දීය යුද හමුදා ප්‍රධානියා නාවික හමුදාපති හමුවට

0
328

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද පෙරවරුවේ හමුවිය.

ඒ නාවික හමුදා මූලස්ථානයේදී ය.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ඉන්දීය යුද හමුදා ප්‍රධානියා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන‍ පරිශ්‍රයේදී විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාර දැක්වීය.

නිල හමුවේදී ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ හමුදාවන්ට අදාළ වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගත් අතර හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here