දියර කිරිවලට යොමු වන්නැයි මිල්කෝ ඉල්ලයි

0
384

කිරිපිටි මිල ඉහළයෑම හමුවේ දියර කිරිවලට යොමු වන්නැයි මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා අද (16) ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු සඳහන් කළේ දේශීය කිරිපිටි පැකට්ටුවක මිල වැඩි කළේ රුපියල් 75 ක පමණ පාඩුවක් සිය සමාගමට සිදුවූ නිසා බවය.

මේ අතර නොවැම්බර් සිට කිරි ගොවියෙකුට කිරි ලීටරයක් සඳහා ගෙවන මුදල රුපියල් 7ක් ඉහළ දැමීමට ද මිල්කෝ සමාගම තීරණය කර ඇති බව ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

“ජනතාවගෙන් ඉල්ලන්නේ කිරිපිටිවලින් දියර කිරිවලට මාරු වෙන්න. ඒකෙන් අපේ රටේ කිරි ගොවියා අතට සල්ලි යවන්න පුළුවන්. නුවණක්කාර අය බොන්නේ දියර කිරි,” යනුවෙන් ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here