දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට ගත් තීරණය ආපස්සට ගත යුතුයි

0
302

දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට ගත් තීරණය ආපස්සට ගන්නා ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් සහ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

එක කන්නයකින් කාබනික පොහොර භාවිතය ආරම්භ කළ හැකි බවට කව්රුන් හෝ විද්වතුන් පිරිසක් ජනාධිපතිවරයාට දුන් උපදෙසක් මත රට තුළ මෙම පොහොර අර්බුදය මතු වී තිබෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

කාබනික පොහොර භාවිතය සියයට පනහක් සහ රසායනික පොහොර භාවිතය සියයට පනහක් ලෙස භාවිතා කරමින් කෘෂි කර්මාන්ත කටයුතු සිදු කිරිමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද කී මහලේකම්වරයා එසේ නොමැති වුවහොත් ජනතාවට ඉදිරියේදී හාමතේ මියයෑමට සිදුවන බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here