Sunday, September 22, 2024

ලංකාවේ තරැණයෙක් බෙහෙත් පෙති නිපදවන මැෂිමක් හදයි

ලංකාවේ  ප්‍රථමවතාවට බෙහෙත් පෙති නිෂ්පාදනය කරන යන්ත්‍රයක් නව නිපැයුම් ශිල්පී කැලුම් වාදසිංහ විසින් නිර්මාණය කර තිබේ.

මෙහි ඇති සියලුම උපාංග දේශීය වශයෙන් නිර්මාණය කර ඇති අතර විදෙස් රටකින් එවැනි යන්ත්‍රයක් ආනයනය කරන්නේ නම් රුපියල් ලක්ෂ 30ක් 40ක් පමණ වැය කිරීමට සිදුවන බව වාදසිංහ පැවැසීය.

මෙම යන්ත්‍රයෙන් බටහිර ඖෂධ මෙන්ම දේශීය ඖෂධත් නිෂ්පාදනය කිරිමේ හැකියාව ති‍ෙබ්. බටහිර ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රවලට බොහෝදුරට දේශීය ඖෂධ දැමු විට යන්ත්‍රය හිරවීමේ ප්‍රවණතාවය වැඩිය. එහෙත් මෙම යන්ත්‍රයෙන් ඒ සියලු අවහිරතා මඟහැර  දේශීය ඖෂධත් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබේ.

මෙම යන්ත්‍රය නිපදවීමට රුපියල් ලක්ෂ 4 1/2ක් වැනි මුදලක් වැයවූ බව වාදසිංහ පවසයි. මෙය නිපදවීමට පෙර පර්යේෂණ රැසකට යොමු කෙරැණු අතර ඖෂධයේ හැඩය ලබාගැනීමට අත්හදා බැලීම් කීපයක් සිදුකෙරිණි. ඒ අනුව මෙය නිපදවීමට මාස 6ක පමණ කාලයක් ගතවිය.

එවැනි යන්ත්‍රයක් නැවත අලුතින් නිපදවන්නේ නම් මාස දෙකකින් නිපදවිය හැකි බව වාදසිංහ කියයි.

‘‘මෙවැනි යන්ත්‍රයක් නිෂ්පාදනය කිරිමේදී ඖෂධ පෙත්තේ හැඩය ලබාගැනීම, බර, කාලය, ප්‍රමාණය වැනි කරුණු පිළිබඳව විශේෂ  සැලකිල්ලක් දැක්විය යුතුයි.

විදේශ රටකින් ආනයනය කළ යන්ත්‍රයක් කැඩුණොත් එහි අමතර කොටස් එය ආනයනය කළ රටෙන් ගෙන්වීමට සිදුවෙනවා. එහෙත් මේ යන්ත්‍රය නිපදවුයේ ලංකාවේ උපාංගවලින්. ඕනෑ වෙලාවක අපට මෙය අලුත්වැඩියා කරගන්න පුළුවන්. මෙය සම්පුර්ණයෙන් ‘‘මෙඩි ඉන් ශ්‍රී ලංකා’’ යැයි වාදසිංහ පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles