ජනාධිපති‍ සමග සාකච්ඡාව තවමත් නෑ – හවුල්කාර පක්ෂ දැඩි කැළඹීමෙන්

0
408

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ඊයේ මුණගැසී තිබෙනවා. ඒ හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදීයි.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට අදාලව අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා තිබිණි. කෙසේ වෙතත් මේ දක්වා එම අවස්ථාව ලබා දී නොමැත. ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ අග්‍රාමාත්‍යවරයා සහ මුදල් ඇමතිවරයා සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගන්නා ලෙසයි.


කෙසේ නමුත් හවුල්කාර පක්ෂවල නායකයන් පවසන්නේ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවයි.
මේ පිළිබඳව ඊයේ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර යළිත් ලබන 23 වැනිදා රැස් වී සාකච්ඡා කිරීමටද තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here