Monday, September 23, 2024

විමල්ගේ නිදහස පෙබරවාරි 01 ට කල් යයි ?

හෙලිදරව් කළ නොහැකි ආකාරයෙන් රුපියල් මිලියන 75 කට අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීමට දින නියම කර තිබෙනවා. ඒ අනුව මෙම නඩුව 2022 පෙබරවාරි මස 01 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා වීරවංශ මහතා අමාත්‍ය ධුරයක් දරමින් සිටියදී රුපියල් මිලියන 75 කට වැඩි මුදලක් උපයාගෙන ඇති අතර එම මුදල් උපයා ගත්තේ කෙසේදැයි ඔහු හෙලිදරව් කර නොමැත. මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කළේ පසුගිය යහපාලන රජය සමයේදීය.


වත්මන් රජයේ අමාත්‍ය තනතුරු දරන දේශපාලනඥයන් රැසක් චූදිතයන් කරමින්, පසුගිය යහපාලන රජය සමයේදී අල්ලස් කොමිසම විසින් ගොනුකළ මෙවැනි නඩු රැසක් පසුගිය කාලයේදී ඉවත දැමිණි. ඒ අල්ලස් කොමිසම විසින්ම අදාල චෝදනා ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.
ඒ සඳහා හේතු වූයේ අදාල නඩු පැවරීමේදී අල්ලස් කොමිසමේ සාමාජිකයන් සියලු දෙනා‍ගේම අනුමැතිය නොමැතිව නඩු ගොනුකර තිබීමයි.


විමල් වීරවංශ ඇමතිවරයාට එල්ල වී ඇති චෝදනාද බොහෝදුරට ඉල්ලා අස්කර ගැනීමට නියමිත අතර වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කරනු ඇත. කෙසේ නමුත් ඒ සඳහා ඔහුට ලබන පෙබරවාරි තෙක් බලා සිටීමට සිදුවනු ඇත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles