වී සහ සහල් ප්‍රශ්නය වලිගයෙන් අල්ලන ආණ්ඩුවේ මැති ඇමතිවරැන්ට මේ ප්‍රශ්නය විසදන්න බෑ – ජාතික ගොවි ව්‍යාපාරය

0
290

අප රටේ සෑම ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය වලිගයෙන් අල්ලා ගන්නා නිසා ඔවුන්ට එම ප්‍රශ්නය විසඳිය නොහැකි බව ජාතික ගොවි ව්‍යාපාරය පෙන්වා දෙයි.

මහා මෝල් හිමියන්ගේ නම් කියා ඔවුන් ගොවියා සහ කුඩා මෝල් හිමියා විනාශ මුඛයට තල්ලු කරන බවට බවට ද එම ව්‍යාපාරය චෝදනා කරන අතර වී යනු මිනිරන් මෙන් පොළොවෙන් හාරා ගන්නා දෙයක් නොවන බවය.

ඒ නිසා ප්‍රශ්නය විසඳීම ආරම්භ කළ යුත්තේ ගොවියාගේ හෙවත් ප්‍රශ්නයේ ඔලුවෙන් බව පවසා සිටියි. පළමුව කළ යුත්තේ වී සහතික මිල ගොවියාට පැවතිය හැකි ලෙස නියම කිරීම සහ ඉන් පසුව මිල සූත්‍රයකට අනුව කුඩා මෝල් හිමියාට පැවතිය හැකි ලෙස සහල් මිල නියම කිරීමය.

එවිට කෙටි කාලීනව මහා මෝල් හිමියන්ට වාසියක් වන බවට තර්ක කළ හැකි වුවද කුඩා මෝල් හිමියන් නැවත ව්‍යාපාරය අත්පත් කරගත් විට මහා මෝල් හිමියාගේ කොටස නැවත සිටියට 25% කින් පහළ බසින බවත් දැන් මහා මෝල් හිමියන්ගේ කොටස සියට 50% ක් දක්වා ඉහළ යමින් තිබෙන බව ජාතික ගොවි ව්‍යාපාරය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here