චීන ගොවීන්ට ගොවිබිම් බදුදීමට ලාඕස ගොවීහු එරෙහි වෙති.

0
658

වගා අතරමැදි කාලවලදී වී ගොවිතැනට යොදාගන්නා තම රටේ කුඹුරු චීන ජාතික සමාගම්වලට සහ ගොවීන්ට බදුදීමට ලාඕසයේ ගොවි ජනතාව විරෝධය පළකර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ ලාඕසයේ ඇතැම් පළාත් පාලන ආයතන, වී වගා නොකරන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළදී කුඹුරු ඉඩම් චීන සමාගම් සහ ගොවීන්ට බදුදීමට කටයුතු කර ඇති බවයි.

චීන සමාගම් සහ ගොවීන් මෙම කාලසීමාව තුළදී අදාළ කුඹුරු ඉඩම් කොමඩු වගාව සිදුකරන බව සදහන් වේ.

මේ හේතුවෙන් තමන්ගේ කුඹුරු ඉඩම් විනාශ වන බවත් පස නිසරුවීම සිදුවන බවටත් ලාඕස ගොවීහු චෝදනා කරති.

කොමඩු වගාව සදහා ලාඕසයයට පැමිණෙන චීන ගොවීන් හේතුවෙන් වෙනත් සමාජ ගැටලු රැසක්ද මතුව ඇති බව ද ලාඕස ගොවීහු වැඩිදුරටත් සදහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here