ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ පොළොන්නරු නිරීක්‍ෂණ චාරිකාවක පිපිරීමක්.

0
407

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ යුධ අභ්‍යාසය දී සිදුවූ පිපිරීමක් හේතුවෙන් මේජර්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී සිදුකරමින් සිටි පුහුණු අභ්‍යාසයක් අතුරතුරදී මෙසේ පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත්තේ ඉංජිනේරු බලකායේ මේජර් වරයෙකි.

මේජර්වරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම අභ්‍යාසය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here