ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක් දිවයිනට

0
278

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් අමෙරිකානු “ෆයිසර්” එන්නත් මාත්‍රා 608,000ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පවසන්නේ ශ්‍රී ලංකාව විසින් මිලදී ගැනීම සදහා ඇනවුම් කර ඇති “ෆයිසර්” එන්නත් මාත්‍රා මිලියන 05ක ප්‍රමාණය අතුරින්, මේ වනවිට ලක්ෂ 10ක එන්නත් මාත්‍රා තොගයක් මේ ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති බවයි.

එම ඉතිරි එන්නත් ලක්ෂ 40ක තොගයේ පළමු එන්නත් තොගය මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බවත්, ඉතිරි එන්නත් මාත්‍රා තොගය ද ලබන නොවැම්බර් මාසය අවසන් වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව සඳහන්.

එමෙන්ම මීට අමතරව මෙම “ෆයිසර්” එන්නත් තවත් මාත්‍රා එක් කෝටි හතලිස් ලක්ෂයක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, තම ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කර ඇති බවත්, එම එන්නත් මෙම දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් දිනූෂ දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here