Tuesday, September 24, 2024

අක්කර භාගයකට වැඩි භූමි ප‍්‍රදේශයක ගොවිතැන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 ක්

අක්කර භාගයකට වැඩි භූමි ප‍්‍රදේශයක ගොවිතැන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 ක ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ​සඳහන් කරයි.

 ඒ යටතේ ගොවීන් පිරිසකට කෘෂි උපකරණ ලබාදීම වෙනුවෙන් ගම්පොළ ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙසේ පැවසීය..

 ‘ඉදිරි කාලේ අක්කර භාගෙට වැඩි භූමියක ගොවීන් තමන්ට අවශ්‍ය නිෂ්පාදන වගා කරනවා නම් අපි එක ගොවියකුට ලක්ෂ 3ක ආධාරයක් දෙනවා. විසිරුම් ජල පද්ධතිය, වතුර ටැංකි, ජල මෝටර් මේ සියල්ල අපි නොමිලේ ලබාදෙනවා. කෘෂිකර්මාන්තයට කැමති ඉඩම් තියෙන සියල්ලන්ට තාක්ෂණික දැනුම ලබාදීලා වෙළෙඳපොළ හදලා දීලා ඒ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කරන්න මූලික පියවරක් ලෙස තමයි කෘෂි උපකරණ කට්ටලයක් දෙන්නේ. තමන්ගේ ඉඩම හදාගෙන යන්න අවශ්‍ය ප‍්‍රතිපාදන දෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා මේ ගොවීන්ට ආධාර දෙන්න’’

 මේ අතර පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය සඳහා නැනෝ නයිට‍්‍රජන් ප‍්‍රභවයක් සහිත විශේෂිත දියර පොහොර ලීටර් විසි දෙලක්ෂයක් පමණ ඉන්දියාවෙන් ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles