Tuesday, September 24, 2024

ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩි කිරීමක් ඉල්ලයි

IOC සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට යළිත් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙි.

එහි කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවය.

ඔවුන් ඉල්ලා සිටින්නේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමන ලෙසයි.

නව ඉල්ලීම පිළිබඳව රජයේ ස්ථාවරය තවමත් ප්‍රකාශ කර නොමැති අතර කෙසේ නමුත් මින් පෙරදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ ඉන්ධන මිල වැඩි වීමක් දැන්ම සිදු නොවන බවයි.

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 84.8ක් ලෙසය.

එය 2018 වසරින් පසු එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූ ඉහළම අගය ද විය.

කොවිඩ් වසංගතයෙන් පසු නිෂ්පාදන කටයුතු ඉහළ යාම,ස්වභාවික බලශක්ති සඳහා වන පිරිවැය අධිකවීම හේතුවෙන් දැවිතෙල් හා ඩීසල් වෙත සමාගම් යොමුවීම හා ඔපෙක් සංවිධානය යටතට ගැනෙන තෙල් නිෂ්පාදන රටවල් සිය නිෂ්පාදන කප්පාදු කිරීම මෙලෙස බොරතෙල් මිල ඉහළ යාම කෙරෙහි බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles