Monday, September 23, 2024

රට පුරා අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකර සැබෑ තත්ත්වය හඳුනාගත යුතුයි -උපුල් රෝහණ

මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් තවදුරටත් රට පුරා අහඹු PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමය පවසයි.

එලෙස අහඹු පරීක්ෂණ සිදුකිරීම තුළින් රටතුළ ඇති සැබෑ තත්ත්වය විශ්ලේෂණය කරගත හැකි බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට රට පුරා රෝග ලක්ෂණ රහිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද සඳහන් කර සිටි ඒ මහතා, ඉක්මනින් රෝගීන් වැඩිවීමට අදාළ මුලාශ්‍ර හඳුනාගැනීම අවශ්‍ය වන බව ද පැවසීය.

“දෛනිකව බිම් මට්ටමෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව යම් තරමක වැඩිවීමක් මේ දිනවල පෙන්නුම් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම රට විවෘතකර සති දෙකකට ආසන්න කාලයක් ගතවනවාත් සමග ම මෙලෙස වැඩිවීම සඳහා මහජනතාවගේ සංචරණසීමා පිළිපැදීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ ගැටලු හේතුවෙන බව දිගින් දිගටම පෙනෙන්නට තිබෙනවා. කෙසේවෙතත් මේ වාර්තාවන රෝගීන්ගේ රෝග ලක්ෂණවලින් තොර රෝගීන් තමයි විශාල වශයෙන් වාර්තා වෙන්නේ ඒකට ප්‍රධාන හේතුව විදිහට පෙනෙන්නට තිබෙන්නේ එන්නතේ ප්‍රතිශතය ඉහළයෑම නිසා රෝග ලක්ෂණ පෙන්වීම කරන්නේ නැති බව .ඒ නිසා රෝග ලක්ෂණ රහිත රෝගීන් යම් තරමකට වැඩිවෙමින් තිබෙනවා. මේක ඉදිරියේදී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එන්නත් ලබා නොගත් තාමත් යම් ප්‍රතිශතයක් ඉන්නවා. යම් තරමකට මේ වැඩිවීම ඉදිරියත් පැවතුනහොත් අපි ඉදිරියේදී අර්බුදකාරි තැනකට තල්ලු වෙන්න පුළුවන්.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles