Monday, September 23, 2024

සියළුම සහල් වර්ග කිලෝව 25-50කින් ඉහළට

ඉදිරි දින දාහතරක කාලය තුළ කාලයේ දී අනිවාර්යෙන්ම සෑම සහල් කිලෝවක මිල රුපියල් 25-50 ත් අතර මිලකින් ඉහළ යාමට නියමිත බව ලංකා සහ නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා වහාම රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කළ යුතු බවද ඔවුන් කියා සිටිති.

පොළොන්නරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම සංගමය මේ බව සඳහන් කළහ.

දැනට ඇති පොහොර අර්බුදය හේතුවෙන් මහ කන්නයේ වී තොග වෙළඳපොළට පැමිණීම 50% කින් පහළ බැස ඇති බවත් මෙම තත්ත්වය මත රට තුල සහල් හිගයක් පැන නගිනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත ඉදිරියේදී සෑම සහල් කිලෝවකම මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි අන්දමින් මිල ඉහළ යනු ඇතැයි ද එම සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා කියා සිටියේය.

දැනට සහල් මෝල් හිමියන් විසින් වැඩි මිලට මී වී මිලට ගනිමින් සිටින නිසා සහල් මිල ද දිනෙන් දිනම ඉහළ යමින් පවතින බවත් අද වන විට ආණ්ඩුව සහල් පාලන මිල ඉන් ඉවත් වී සති දෙකක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles