පුරාවිද්‍යා භූමියේ සී සාලා

0
281

ක්‍රිස්තු පූර්ව 238දී ඉදි කළ බව කියන මිහින්තලේ ඓතිහාසික සුලුගුලු විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමිය එහි විහාරාධිපති හිමියන්  ට්‍රැක්ටර් දෙකක් යොදවා සී සෑමක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවට ගම්මාන තුනක වැසියෝ  එම විහාරස්ථානය වැටලූහ .

මෙම සිද්ධියෙන් පසු අප කළ සංචාරයේ දී දැක ගැනීමට හැකි වූයේ ට්‍රැක්ටර් දෙකක් යොදවා පුරාවිද්‍යා ස්මාරක ඇති භූමිය සී -සා ඇති බවයි. එසේම එම සිද්ධියට විරුද්ධ වූ පොතාන,සුරැක් කුලම ,ගල් මඩුව යන ගම්මානවල වැසියෝ ද එම විහාරස්ථානයේ වැටලීම සඳහා පැමිණ සිටියහ.

මේ සිද්ධිය පිළිබඳව ඓතිහාසික මිහින්තලය සුළුගුළු විහාරයේ විහාරාධිපති අනුරාධපුර ධම්මාරාම හිමියෝ මෙසේ පැවැසුහ.

මෙම විහාරස්ථානයට කිසිදු ආදායම් මාර්ගයක් නැහැ .ඒ නිසා මම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ගෙන් කළ ඉල්ලීමකට අනුව ගොවිතැන් කිරීම සඳහා වාචික අවසරයක් ලබා දුන් බවයි.

මිහින්තලේ පුරා විද්‍යා කලාපයේ බාර නිලධාරි මංජුල රස්නායක මහතා සමග දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ ඓතිහාසික සුළුගුළු විහාරයට අක්කර එකසිය තිස්අටක භූමියක් එදා තිබුණ.අද වන විට අක්කර පනස් දෙකකට සීමාවෙලා.

ඓතිහාසික වටිනාකමකින් යුත් ගල් මඩුවක් සහිත පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් තිබෙන එම භූමියේ සිදුවූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ අවුරුදු තිහක් පමණ හේන් ගොවිතැන් කළ එම පිරිසත් ,අවසානයේ විහාරය ආසන්නයේ සි සැමක් සිදු කළා යැයි කියන විහාරාධිපති හිමියනුත් වරදක් සිදු කර තිබේ නම් අත්අඩංගුවට ගත යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here